සාලියවැව අතුරුදන්වූ දැරියගේ මව අධිකරණයට (විඩියෝ)

පෙබ 04, 2019

    පුත්තලම, සාලියවැව ප්‍රදේශයේ දී සිව් හැවිරිදි දැරිය ඝාතනය කර සිරුර කළාඔයට දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මව අද පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පසුගිය 30 වැනි දින අතුරුදන් වූ සාලියවැව, නීලබැම්ම, ඕලුමඩු ගම්මානයේ දැරිය සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුම් කළ ද ඇය පිලිබඳ කිසිදු තොරතුරක් අනාවරණය නොවීය.

    වයස අවුරුදු හතර හමාරක් වූ තෙනුරු තිසාරා නමැති දැරියගේ අතුරුදන්වීම පිළිබඳව ද ඇගේ මව සහ මිත්තනිය පරස්පර ප්‍රකාශ කර ඇති බැවින් ඒ පිළිබඳ පරීක්‍ෂණ පුළුල් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

    දැරිය ඝාතනය කර කලාඔයට විසි කළ බවට දැරියගේ 21 හැවිරිදි මව පාපොච්චාරණය කිරීමෙන් පසු නාවික හමුදාවේ හා පොලිසියේ කිමිදුම් කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් පුළුල් කිරීමට පොලීසිය ක්‍රියා කළේය.  

     

    Last modified on සදුදා, 04 පෙබරවාරි 2019 17:53

    Latest News