එළැඹෙන සති 3 අවදානම්…යුද හමුදාපති

අප්‍රේ 22, 2021

    පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එම නිසා එළැඹෙන සති 3 ඉතා අවදානම් බවයි, යුද හමුදාපතිවරයා ⁣ප්‍රකාශ කළේ. 

    විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වළකින ලෙසත්, සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බව ද ඔහු පැවසීය.  

    Latest News