මාස 2කට පසුව මෙරටින් යළිත් 500 ඉක්මවූ ආසාදිතයින්

අප්‍රේ 22, 2021

    ගතවූ පැය 24 තුල මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 578 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

    මාස දෙකකට පසුව මෙරටින් ආසාදිතයින් 500 ඉක්මවා වාර්තා වූ අවස්ථාව මෙයයි

    අවසන් වරට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවා වාර්තා වී ඇත්තේ ඉකුත් පෙබරවාරි මස 22 වෙනිදායි. එදින වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 518ක්.

    ඉන් 490ක් දේශීයව හඳුනා ගත් අය වන අතර සෙසු 28 දෙනා විදේශගතව සිට පැමිණි පිරිසයි.

    ඊයේ මෙරටින් කොවිඩ් 19 රෝගීන් 578 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 516 දෙනෙක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. සෙසු හැට දෙදෙනා විදේශයන්හි සිට පැමිණි අයයි.

    ඒ් අනූව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 93,668 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 3,752ක් ඇතුළත්.

    මේ වන විට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාවට 93,668ක් ඇතුළත්.

    Latest News