ඊයේ කොළඹින් ආසාදිතයින් 94ක්, ගම්පහ 54ක්

අප්‍රේ 21, 2021

    ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 367 දෙනෙක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

    ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් (94) වාර්තා වී තිබේ. ඉන් වැඩිම ආසාදිතයින් ගණන පන්නිපිටියෙන් 13ක්, මොරටුව 11ක් වාර්තා වී ඇත.

    ඊට අමතරව ගම්පහ 54ක්, කුරුණෑගල 43ක්, කළුතර 41ක්, මහනුවර 22ක්, පුත්තලම 21ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

    විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 22 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

    මිට අමතරව රතනපුර 07, ගාල්ල 05, අම්පාර 04, යාපනය 08, කෑගල්ල 06, බදුල්ල 11, මාතලේ 01, අනුරාධපුර 13, ත්‍රිකුණාමලය 03, මොණරාගල 02, මාතර 04, මඩකළපුව 01, නුවරඑලිය 03 සහ හම්බන්තොට 02ක් ආසාදිතයින් ලෙස වාර්තාවී තිබේ.

    Latest News