මාස 07කට පසු බස්නාහිර පළාත් දහම් පාසල් යළි ඇරඹේ

අප්‍රේ 19, 2021

    බස්නාහිර පළාතේ සියලුම දහම් පාසල් ඊයේ (18) යළි විවෘත කරන බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. ඒ මාස 07ක කාලයකට පසුවයි.

    සෙසු පළාත්වල දහම් පාසල් අදියර කිහිපයක් යටතේ පසුගිය දිනවල විවෘත කෙරිණ.

    කෙසේවෙතත් බස්නාහිර දහම් පාසල් විවෘත කිරීම ප්‍රමාද කරන්නට සිදු වූයේ සෞඛ්‍ය අංශවල උපදෙස් ලැබෙන තෙක් බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එමෙන්ම 2020 නොවැම්බර් මාසයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් අවසාන ශ්‍රේණි පරීක්ෂණයද මැයි මස 09 වැනිදා පැවැත්වීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 19 අප්‍රේල් 2021 07:40

    Latest News