දහම් පාසල් අද යළි විවෘත වෙයි

ජන 17, 2021

    'කොවිඩ් -19' වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දැමූ බෞද්ධ දහම් පාසල් අද (17) යළි විවෘත කිරීමට තීරණය කළ බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනූව දැනට හුදකලා කර ඇති ප්‍රදේශයන්හි පිහිටි දහම් පාසල් හැර අනෙක් ප්‍රදේශයන්වල දහම් පාසල් විවෘත කෙරේ.

    සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

    ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසිය සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි අධීක්ෂණ කටයුතු සිදුකරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    Latest News