දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

අප්‍රේ 19, 2021

    දෙවන පාසල් වාරය අදින් ආරම්භ වෙයි.

    අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ, හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල සිසුන් තවදුරටත් කණ්ඩායම් වශයෙන් පාසලට කැඳවන බවයි.

    අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කළේ, දින 05ම පාසල්වෙත කැඳවිය හැක්කේ පංති කාමරයක ළමුන් 15කට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වලට පමණක් බවයි.

    පාසැල් සිසුන් ආරක්ෂිතව පාසැල් කරා යොමුකරවීමට කටයුතු කරන ලෙසයි අධ්‍යාපන ලේකම්වරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ.

    Latest News