ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 228යි

අප්‍රේ 10, 2021

    අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින්‌ 228 දෙනෙකු හදුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 45 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශිය පුද්ගලයින්‌ ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින්‌ 183 දෙනා දේශීයව හඳුනාගක්‌ ආසාදිතයින්‌ ලෙස වාර්තා වේ. හදුනාගන්‌ අසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්තා වන අතර, ඒ ආසාදිතයින්‌ 58 ක්‌ ලෙසය. ඊට අමතරව, යාපනය දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 56ක්‌ සහ ගම්පභ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 27 ක්‌ ලෙස වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 42 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    අද දින වනවිට, මිනුවන්ගොඩ බැන්ඩික්ස්‌ පොකුරට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන්‌ වාර්තා වූ කොවිඩ්‌ - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 90,027 ක්‌ වේ. ඉන්‌ පුද්ගලයින්‌ 89,872 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත.

    ඒ අනුව, අද (10) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්‌-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 94,563 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 91,271 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසංදිනයින්‌ 2,697 දෙනෙකු තවදුරටක්‌ ප්‍රතිකාර ලබති.

    අද වන විට ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101 ක්‌ තුළ පුද්ගලයින්‌ 9,773 දෙනෙකු නිරෝධායනය වෙමින්‌ සිටියි.

    ඊයේ (09) දිනය තුල PCR පරීක්‍ෂණ 5,253 ක්‌ සිදුකර ඇත.

    Latest News