චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සමන් වීරමන් මහතා අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 03, 2021

    චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්,නිෂ්පාදකවරයෙක් තිරකතා රචකයෙක් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් ද වූ නීතීඥ සමන් වීරමන් මහතා ඊයේ අභාවප්‍රාප්ත විය.

    කලක් අසනීප තත්වයේ පසු වූ සමන් වීරමන් මහතා මිය යන විට 70 වැනි වියේ පසු විය.

    ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවයෙක් මෙන්ම, රාජ්‍ය සිනමා උපදේශක සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ.

    ශ්‍රී සිද්ධාර්ත ගෞතව ඇතුළු චිත්‍රපට කිහිපයක් ඔහු අධ්‍යක්ෂණය කර තිබේ. වැලිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයෙක් ලෙස ද කලක් ඔහු කටයුතු කරනු ලැබීය.

    දේහය අද සවස බොරැල්ල, ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබීමට නියමිතයි.

    Latest News