ජල සම්පාදන මණ්ඩලයේ සේවක වැටුප සියයට 25% කින් ඉහළට

මාර් 25, 2021

    සියලු ශ්‍රේණින්ට අයත් නිළධාරීන්ගේ වැටුප 25% කින් ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

    ජලසම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු කාර්මික තාක්ෂණ හා තාක්ෂණ නොවන කළමනාකරණ සේවා කම්කරු ඇතුළු සියලු ශ්‍රේණි මේ සඳහා ඇතුලත් වේ.

    වෘත්තීය සමිති නියෝජිතයින් සමග මාර්තු 24 වන දින පැවති සාකච්ඡාවකින් පසු අමාත්‍යතුමා මෙම තීරණයට එළඹ ඇත. මෙම වැටුප් වැඩිවීම වසර 3 කින් පසුව සිදුවන වැඩිවීමක් වන අතර වසර ගණනාවක සිට 25% කින් ම වැටුප් වැඩි වූ විශේෂ අවස්ථාවක් ලෙස ද මෙය අගය කළ යුතු බව වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී කියා සිටියේය

    වර්ෂ 2025 සැමට පිරිසිදු පානීය ජලය ලබාදීමේ දීප ව්‍යාප්ත දැවැන්ත මෙහෙයුමේ නිරත ජලසම්පාදන මණ්ඩලයේ සේවකයින් දිරිමත් කිරීම සහ ඔවුන්ගේ කැපවීම සහ කඩිනම් ක්‍රියාන්විතය අගය කරමින් මෙම වැටුප් වැඩි කීරීම සිදු කිරීමට කටයුතු කළ බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටින ලදී.

    මෙම සාකච්ඡාව සඳහා සමාජවාදී ලංකා කම්කරු සමිතිය, ජල සම්පාදන පොදු ජන සේවක සංගමය හා ජල සම්පාදන හා ජලාපවහන කම්කරු සේවක සංගමයේ නියෝජිතයින් සහභාගිවන ලදී.

    Latest News