ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් අද (23) සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

සියලු ශ්‍රේණින්ට අයත් නිළධාරීන්ගේ වැටුප 25% කින් ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජල සම්පාදන මණ්ඩලය කළමනාකාරිත්වයට උපදෙස් ලබා දී ඇත.

ජල සම්පාදනය පිළිබඳ සියලු තොරතුරු, හදිසි බිඳ වැටීම් කෙටි පණිවිඩයක් ඔස්සේ ලබා ගැනීමට හැකි බව ‍ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

මේ වන විට පානීය ජලයට වස මුසු කර ඇති බවට පැතිර යන කටකතා අසත්‍ය බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

රු. මිලියන 12ක් වංචා කිරීමට වරදකරු වූ ජලසම්පාදන මණ්ඩලයේ ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම් නියම කරයි.

චෙක්පත් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලය ගණකාධිකාරිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතල වැඩ සහිත මෙම වසර 37 ක සිරදඬුවම් නියම කර ඇත.

මෙම ගණකාධිකාරවරයා ආනන්ද මාබෝල නමැති 66 හැවිරිදි පුද්ගලයෙකි.

ඊට අමතරව රුපියල් ලක්ෂ 40 ක දඩයක් සහ රුපියල් ලක්ෂ 130 ක වන්දියක් ද ගෙවිය යුතු බව නියෝග කර තිබේ. එම දඩය සහ වන්දිය ගෙවීම පැහැර හරිනු ලැබූවොත් මූලික සිර දඬුවමට අමතරව තවත් වසර 23 ක බරපතල සිරදඩුවම් නියම කරන බව විනිසුරුවරයා තීන්දුවෙන් සඳහන් කර ඇත.

නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධි චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ විත්තිකාර ගණකාධිකාරීවරයා 2005 වසර තුළ ජලසම්පාදන මණ්ඩලයේ කැලණිය ප්‍රාදේශීය කාර්යාලයේ කළමනාකාරවරයා ගේ අස්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් චෙක්පත් 57 ක් මගින් රුපියල් මිලියන 12 ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවයි.

චෝදනා අටක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු චෝදනා සියල්ලට ම වරදකරු කරන බව ප්‍රකාශ කර ඇත.

Latest News