සීගිරියට පොලිතීන් තහනම්

පෙබ 01, 2019

    පෙබරවාරි පළමුවැනිදා සිට සීගිරියට කිසිදු පොලිතීන් හා ප්ලාස්ටික් ද්‍රව්‍යවක් රැගෙන ඒම තහනම්.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත මධ්‍යම සංස්කෘති අරමුදල මෙය ක්‍රියාවට නංවයි.

    ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂක අංශය ඇතුළු සීගිරිය කාර්ය මණ්ඩලය පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ගමන්මලු පරීක්ෂා කර පොලිතීන් ප්ලාස්ටික් ඉවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

    ස්ථාන ගණනාවකදී සංචාරකයන් දැනුවත් කිරීම සිදු කරන අතර ජල බෝතල්වල ඇති පොලිතීන් ඉවත් කර රැගෙන යා හැක. එම හිස් බෝතල් බැහැර කිරීමේදී ඒ සඳහාම වෙන්කළ බඳුන් භාවිත කරන ලෙස සංචාරකයන්ට දැනුම් දී ඇත.

    මේ දිනවල සීගිරිය නැරඹීම සඳහා දෙස්-විදෙස් සංචාරකයන් මෙන්ම පාසල් ළමුන් ද විශාල වශයෙන් පැමිණේ. ලෝක උරුමයක් වන සීගිරිය රැක ගැනීමට ශ්‍රී ලංකා රජය ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග දෙස්-විදේස් සංචාරකයන් බොහෝ දෙනෙකුගේ අගය කිරිමට ලක්වූ බව වාර්තාවේ.

    මින් ඉදිරියට සීගිරියට පොලීතීන් ප්ලාස්ටික් රැගෙන නොඑන ලෙස සීගිරිය ව්‍යාපෘතියේ කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 13:14

    Latest News