කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහලට

පෙබ 01, 2019

    මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින දැඩි වියළි කාලගුණයත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 22 දක්වා පහල බැස තිබේ.

    ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනයට විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවලට ජලය සැපයේ.

    කාසල්රි ජලාශයේ ජල මට්ට්ම පහල බැසිමත් සමග ජලාශ අවට රක්ෂිතවලට කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම හේතුවෙන් ජලාශය අවට දැඩි පරිසර විනාශයක්ද සිදු වි ඇත. කාසල්රි, මවුස්සාකැල, කොත්මලේ සහ ඉහල කොත්මලේ ජලශවල ජල මට්ටම පහල බැසිමෙන් එම ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිමේ ව්‍යාපෘතිය මෙ මස ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 13:46

    Latest News