පොලිස් අනුස්මරණයට සැමරුම් රැසක්

මාර් 21, 2021

    ශ්‍රී ලංකා පොලිසියේ 157 වැනි පොලිස් අනුස්මරණ දිනය අදට යෙදී තිබේ.

    ඒ නිමිත්තෙන් දිවයින පුරා සැමරුම් වැඩසටහන් රැසක් අද (21) පැවැත්වේ. 1964 මාර්තු 21 මාවනැල්ල, උතුවන්කන්ද ප්‍රදේශයේදී උතුවන්කන්ද සරදියෙන් සහ පොලිස් නිලධාරින් අතර ඇතිවූ ගැටිමේදී සරදියෙල්ගේ සහචරයෙකු වූ මම්මලේ මරික්කාර්ගේ වෙඩි පහරකින් කොස්තාපල් සභාන් නමැති පොලිස් නිලධාරියා තුවාල ලබා මරුමුවට පත්විය.

    සිය රාජකාරි ඉටු කරමින් සිටියදී දිවි පිදු පළමු පොලිස් නිලධාරියා ලෙස ඔහු ඉතිහාසගත වේ. කොස්තාපල් සභාන් ඇතුළු රාජකාරියේදී දිවිපිදු පොලිස් නිලධාරින් සමරනු වස් මාර්තු 21 වැනිදා පොලිස්විරු සමරු දිනය හෙවත් පොලිස් අනුස්මරණ දිනය ලෙස නම් කෙරිණ.

    තම රාජකාරි කටයුතු කරමින් සිටියදී අපරාධකරුවන්ගේ හා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව පොලිස් නිලධාරින් 3137ක් ජිවිත පරිත්‍යාග කර තිබේ. ඒ අතර, එල්ටීටීඊ සංවිධානයේ ප්‍රහාරවලට ලක්ව ජිවිත පරිත්‍යාග කර ඇති පොලිස් නිලධාරින් 2,594ක් ද ඇතුලත්.

    පොලිස් අනුස්මරණ දිනය නිමිත්තෙන් ප්‍රදේශ රැසක පොලිස් ස්ථානවල සැමරුම් උත්සව පැවැත්වේ.

    Latest News