ශ්‍රී ලංකා-බංග්ලාදේශ අග්‍රාමාත්‍ය හමුව

මාර් 20, 2021

    බංග්ලාදේශ දෙදින නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් දිවි පිදුවන්ගේ අනුස්මරණ ස්මාරකයට උපහාර දක්වනු ලැබීය.

    එම අවස්ථාවට බංග්ලාදේශ රාජතාන්ත්‍රික නිලධාරින් එක්වූ අතර, අනතුරුව, අග්‍රාමාත්‍යතුමා එරට අමුත්තන්ගේ පොතෙහි විශේෂ සටහනක් ද තැබීය. එම සටහනේ, බංග්ලාදේශ නිදහස් සටනේදී තම වටිනා ජිවිත පරිත්‍යාග කළ බංග්ලාදේශ ජනතාව වෙනුවෙන් ඔවුන් කළ පරිත්‍යාගය අනුමරණය කරන අවස්ථාවේදී, මාගේ ගෞරවය පුද කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස සලකමි. බංග්ලාදේශයේ නිදහස අගය කළ සියලු දෙනාගේ හෙට දිනය වෙනුවෙන් තම ජිවිතය කැප කළ සියළුම බංග්ලාදේශ ජනතාව නිදහස් ස්වාධීන හා ආඩම්බර බංග්ලාදේශයක් සඳහා බංගබන්දු ශෙයික් මුජිබර් රහ්මාන් මැතිතුමාගේ සිහිනයට ප්‍රබල සාක්‍ෂියක්“ ලෙස දැක්විය.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංචාරය සංකේතවත් කරමින් බංග්ලාදේශ නිදහස් සටන වෙනුවෙන් දිවි පිදූවන්ගේ අනුස්මරණ ස්මාරක භූමියේ අග්‍රාමාත්‍යතුමා විසින් පැලයක් රෝපණය කළේය. අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හෂීනා මහත්මිය අතර සාකජාවක් අද පෙරවරුවේ ඩකා අගනුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණ.

    දෙරට අතර ද්විපාර්ශ්විය හමුව ආරම්භ කිරීමට පෙර මෙම හමුව පැවැත්විණ. බංග්ලාදේශ අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා, බංග්ලාදේශ අග්‍රාමාත්‍යතුමිය විසින් ඉමහත් හරසරින් පිළිගනු ලැබූවාය.

    Latest News