පැරෂුට් අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට

මාර් 20, 2021

    අම්පාර–උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුවීමක් අතරතුර සිදු වූ අනතුරකින් ගුවන් හමුදා නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් ගුවන් හමුදා නිලධාරියෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

    රත්මලාන ගුවන් හමුදා කඳවුරට අනියුක්ත බලඝන නායකයෙකු අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙහිදී මිය ගොස් ඇත්තේ ස්කොඩ්‍රින් ලීඩර් මනෝජ් පද්මතිලකයි. ඔහු පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි විවාහක නිලධාරියෙකි.

    අද (20) පෙරවරු 8 ට පමණ අදාළ සිදුවීම සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව ගුවන් හමුදාව පවසයි.

    ගුවන් හමුදා නිලධාරීන්ගේ දෙනා අද උදෑසන මුහුණදීමේදී අඩි 3500 ක උසක සිට පැරෂුට් ආධාරයෙන් පහතට පැමිණ තිබේ. එහිදී ඇති වූ සුළං තත්ත්වයක් හේතුවෙන් නිලධාරීන් දෙදෙනාගේ පැරිෂුටි දෙක එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව ඇත.‍

    පොළොවට පතිත වීමට අඩි 40ත් 50ත් අතර ප්‍රමාණයක පරතරයක් තිබිය දී මෙලෙස පැරෂුටි දෙක එකිනෙක පැටලීමෙන් අනතුරට ලක්ව නිලධාරීන් දෙදෙනා පහතට ඇද වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසූරිය මහතා පැවසීය.

    Latest News