පස්සර බස් අනතුරින් 15ක් මරුට (වීඩියෝ)

මාර් 20, 2021
  • ලුණුගල සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක්, බදුල්ල පස්සර 13 කණුව ප්‍රදේශයේ දී අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් 15 දෙනෙකු ජිවිතක්‍ෂයට පත්විය.

    තවත් 33ක් තුවාල ලැබීය. තුවාලකරුවන් අතර රියදුරු ද සිටින බව පොලිසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 60කට ආසන්න පිරිසක් ගමන් කර තිබේ. පොලිසිය සහ ප්‍ර දේශවාසීන් විසින් තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගත් බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සෙනසුරාදා, 20 මාර්තු 2021 17:59

    Latest News