9,657කට ඊයේ දිනයේ කොවිඩ් එන්නත

මාර් 18, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අටලක්ෂ හය දහස් 449 දෙනෙක්ට එන්නත් ලබා දී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    ඊයේ පමණක් 9,657 දෙනෙක්ට එන්නත් ලබාදී තිබේ. එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ 49 වැනි දිනටයි.

    නාරාහේන්පිට කිරුල පාරේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී එන්නත් ලබාදීම අදත් සිදු කෙරේ. මෙහිදී අවුරුදු 60ට වැඩි 500 දෙනෙක්ට පමණ එන්නත් ලබාදීමට නියමිතයි.

    මරදාන,සුදුවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි.

    Latest News