නාවලපිටිය ග්‍රිඩ් විදුලි උපපොලෙන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් - ඇමති ඩලස්

මාර් 18, 2021
    ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නාවලපිටිය ග්‍රිඩ් විදුලි උපපොල විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගියදා විවෘත කළේය. 
    මාලිබොඩ, දැරණියගල, බලංගොඩ, රත්නපුර, පදියපැලැල්ල, රාගල, නුවරඑලිය, කොත්මලේ යන ප්‍රදේහවල ඉදිවෙමින් පවතින සහ ඉදිරියේදී ඉදිකිරීමට යොජිත කුඩා ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කරන විදුලිය, විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට එකතු කිරීමට සහ සබරගමුව හා මධ්‍යම පලාත තුළ වැඩිවන විදුලි ඉල්ලුම සපුරාලීම සහ එහි ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයන් පදනම් කරගනිමින් මෙගාවොට් 63 ක ධාරිතාවයකින් යුත් ග්‍රිඩ් උපපොළවල් හතරක් සහ ඊට අදාල කි.මි. 50 ත් දිග විදුලි සම්ප්‍රේෂණ මාර්ගයක් ඉදිකිරීම සදහා රජයේ හා විදුලිබල අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය සහිතව ලංකා විදුලිබල මණ්ඩලය පුනර්ජනනිය බලශක්තිය ලබාගැනීම  සදහා වූ සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.  මේ සදහා යුරෝ මිලියන 30 ක (රු. මිලියන 6000 ක පමණ) දීර්ඝකාලීන ණය මුදලක්  ප්‍රංශ මූල්‍ය සංවර්ධන ආයතනය විසින් ද, රු. මිලියන 1500 ක මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මගින්ද වෙන්කර ඇත.
    නාවලපිටිය ග්‍රිඩ් උපපොල සහ මෙම ව්‍යාපෘතියේ අනෙකුත් ග්‍රිඩ් උපපොලවල් තුනට පරිසර හිතකාමී කුඩා ජල විදුලි බලාගාර සම්බන්ධ කිරීමේන් මෙගාවොට් 100 ක පමණ ධාරිතාවයක් ඉදිරි වසර කිහිපය තුළ ජනන පද්ධතියට එක්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට හැකිවනු ඇත. මීට අමතරව නාවලපිටිය ග්‍රිඩ් උපපොල  මගින් පවුල් පනස්දහසකට පමණ සහ කර්මාන්ත විශාල සංඛ්‍යාවකට විදුලිය ලබාදීමටත් දැනට එම ප්‍රදේශවල පවතින් විදුලි සැපයුම් වල ඇති අඩු වෝල්ටීයතා ප්‍රශ්නය විසදා එහි කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු  කිරීමත් ලංකා විදුලිබල මණ්ඩලය මෙම ව්‍යාපෘතිය මගින් බලාපොරොත්තු වෙයි.
    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා... 
    අද දවස මේ ටේ ආර්ථිකයට, අපේ ඉලක්කය වන පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට සහ විෂයෙන් විදුලිබල ඹණ්ඩලයේ තාක්ෂණික වික්‍රමයන්ට හා විදේශාධාර සම්බන්ධයෙන් සුවිශේෂී දවසක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මෙරට බලශක්ති කේන්ද්‍රය බවට පත්කිරීමට යන ගමනේ යෝධ පිම්මක් තමයි අද මේ තබන්නේ. 
     
    මේ තුළින් පුනර්ජනනීය ප්‍රභවයන් දිරිගැන්වීමක් වගේම ඒ වෙනුවෙන් විශාල ශක්තියක් ලබා දෙනවා. අපේ ඉලක්කය වන්නේ 2025 වනවිට හේ රටේ දැවිතෙල් සහ ඩීසල් භාවිතය 5% දක්වා අඩු කිරීමයි. වසර 2030 වෙද්දි මෙම සීමාව 0 දක්වා අඩු කරන්න අප සූදානම්. ඒ වෙනුවෙන් තමයි පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයක් ස්ථාපිත කළේ.  යුරෝපය වේගයෙන් පුනර්ජනනීය ආර්ථිකයකට යනවා.  ප්‍රංශය මේ වනවිට විදුලිය අපනයනය කරනවා. පුනර්ජනනීය ඉලක්කයන් මුලු යුරෝපයම වැලදගෙන තිබෙනවා. ඔවුන් විදුලිය පමණක් නොවෙයි, ප්‍රවාහනයේදිත් පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගෙන තිබෙනවා.  ඒ ආකාරයෙන් ශ්‍රී ලංකාව තුළත් පුනර්ජනනීය බලශක්තිය මත පරිසරය පිරිසිදු වී  ජනතා ආර්ථිකය ශක්තිමත් වේවා යැයි පැවසීය.

    Latest News