ජීවක, නාලක, දීපා සහ අසංක එදිරිසිංහ යළි අත්අඩංගුවට

මාර් 16, 2021

    ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, දීපා සහ අසංක එදිරිසිංහ යන අයවළුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මුදල් විශුද්ධිකරණ පනත යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබුණා.

    ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    මීට පෙර ද මොවුන් හතර දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.

    Latest News