තලෙයිමන්නාරමේ දී දුම්රියක බස් රියක් ගැටෙයි; සිසුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

මාර් 16, 2021
  • දුම්රිය හරස් මාර්ගයකදී මගී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.

    ඒ අනතුරෙන් 9 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තවත් 20 දෙනෙකු තුවාල ලැබුවා.

    තලෙයිමන්නාරම දුම්රිය හරස් මාර්ගයකදීයි මෙම අනතුර සිදුවුණේ. මගී බස් රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ ඒ තුළ පාසල් සිසුන් ඇතුලු මගීන් 30 දෙනෙකු පමණ සිට තිබෙනවා. තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

    අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පුවරු ක්‍රියාත්මක වූයේ ද යන්න පිළිබද පරික්‍ෂණ සිදු කෙරෙනවා.

    බස් රථයේ රියදුරු හා කොන්දොස්තර තලෙයිමන්නාරම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 16 මාර්තු 2021 19:53

    Latest News