බස්නාහිර පළාතේ බෞද්ධ දහම් පාසල් 2026ක් ක්‍රියාත්මක වන අතර, දරු, දැරියන් 604853ක් හා ගුරු භවතුන් 31954ක් ඉගැන්වීම් කටයුතු සිදු කරයි. සෞඛ්‍ය අංශ මගින් දන්වා ඇති උපදෙස් හා මාර්ගෝපදේශ කෙරෙහි නිසි අවධානය යොමු කොට දහම් පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයේ සඳහන්.