ජාතික නාමල් උයනේ පුරා විද්‍යා කැණීම් ඇරඹේ (වීඩියෝ)

මාර් 12, 2021
  • දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන කඳුවැටිය සහිත ජාතික නාමල් උයනේ, ප්‍රථම පුරා විද්‍යා කැණීම් ඊයේ(11) ආරම්භ කෙරුණා.

    ඒ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මෙම පරිසර කලාපය 1991 මාර්තු 28 වැනි දින ලොවට හඳුන්වා දෙනු ලැබුවේ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසිනි. ලබන 28 වැනි දිනට ඒ සඳහා වසර 30ක් සපිරෙනවා. එය නිමිති කර ගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජාතික නාමල් උයන ව්‍යාපෘතිය මගින් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහිතව පළමු වරට මෙහි කැණීම් සිදු කරනු ලබනවා. කැණීම් ආරම්භ කෙරුණේ, නාමල් උයන තුළ පිහිටි ගල් පාත්‍රය සහිත ඉපැරණි දාගැබ අසළ දී. පූජ්‍ය වනවාසී රාහුල හිමියන් පවසන්නේ, මෙය ඉතිහාසයේ නව පරිච්ඡේදයක් නිර්මාණය කරනු ඇති බවයි. මේ අවස්ථාවට මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී රණසිංහ මහතා ද එක්ව සිටියා.

    Last modified on සිකුරාදා, 12 මාර්තු 2021 13:44

    Latest News