වන අලි ප්‍රහාරයක විරෝධයකට පුත්තලම - කුරුණෑගල මාර්ගයේ අවහිරයක්

මාර් 12, 2021

    වන අලි ප්‍රහාරයකින් දෙදරු පියෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් උරන වූ ගම්වාසීන් පුත්තලම - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කල්අඩිය මන්සන්ධිය ප්‍රදේශයේ දී ගමනා ගමනයට අවහිර කරමින් විරෝධතාවයක නිරත ව තිබේ.

    අද (12) අළුයම 1.00ට පමණ කල්අඩිය නිදහස් මාවතේ ගමන් කළ පුද්ගයකු වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ. මෙම ප්‍රහාරයට ලක් වී ඇත්තේ කල්අඩිය නිදහස් මාවතේ පදිංචි 53න් හැවරිදි දෙදරු පියෙකි.

    eleattac_01.jpg

    කල්ඩිය ග්‍රාමයේ දින දහයක් ඇතුලත වන අලි ප්‍රහාරයට ලක් වී මිය ගිය දෙවන පුද්ගලයා මොහු බවයි ගම්මුන් පවසන්නේ. නිවාස රැසක් ඇති ජනාකීර්ණ ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දළ ඇතෙකු හා වන අලි කිහිපදෙනකු පැමිණෙන බවත් තම භව භෝග රැසක් මේවන විටත් විනාශ වී යන බවත් දැන් ජීවිත තර්ජනය දිනෙන් දින වැඩි වී ඇති බවත් ජනතාව පෙන්වා දෙයි.

    මේ පිළිබදව වන ජීවී බලධාරින් කිසිදු තැකීමක් සිදු නොකරන බැවින් මෙයට ස්ථීර විසදුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් රජයෙන් ඉල්ලා සිටින්නේ. මෙම මාර්ග අවහිරතා විරෝධතාවය හේතුවෙන් පුත්තලම නගරයේ දෛයිනික රාජකාරී සිදු කිරීමට පැමිණ විශාල පිරිසක් දැඩි අපහසුතාවයකට මුහුණ දුන් බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Latest News