වැල්ලවායේ වනඅලි තර්ජනය උග්‍රවෙයි

ජන 05, 2022

    වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයට මේ දිනවල වනඅලි තර්ජනය උග්‍රවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

    මෙලෙස ගම්වැදී වනඅලි විසින් ප්‍රදේශයේ වගා කර තිබූ පොල්,කෙසෙල් ඇතුළු වගාවන් රැසක්ම විනාශ කර ඇත.

    පසුගිය දින කිහිපයතුල ප්‍රදේශයේ පොල් ගස් 100කට වඩා වනඅලි විසින් විනාශ කර ඇති අතර කුඹුරු ඉඩම් කෙසෙල් වගාවන් සහ වෙනත් භෝග රැසක්ම විනාශ කර තිබේ.

    සවස 5.00 පමණ වන විට වනඅලි ගම්මානයට ඇතුළු වන අතර එම වනඅලි පසුදා උදෑසන හත අට වන තුරු ගම්මානයේ රැදී සිටීම නිසා ජනතාවගේ ජීවතද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත් වී ඇත.

    වසර ගනනාවක් තිස්සේ පවතින මෙම වනඅලි තර්ජනය නිසා මේ වන විටත් එම ප්‍රදේශයේ ජීවිත රැසක් අහිමිවී තිබේ.

    මෙම වනඅලි තර්ජනයට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස හදපානාගල ප්‍රදේශයේ ජනතාව බළධාරින්ගෙන් ඉල්ලීමක් කරයි.

    20220105 083251

    20220105 083219

    20220105 083241

     

    Latest News