පුහුණුව අවසන් කළ හෙද හෙදියන් සේවයට

ජන 30, 2019

    ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් වෙනුවෙන් මානව සම්පත ඉහළ නැංවීමේ අරමුණින් හෙද හෙදියන් 1608 සෞඛ්‍ය අමාත්‍යංශයට බඳවා ගැනේ.

    සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාමට හෙද හෙදියන් 40,089 ක් අවශ්‍යතාවක් පවති. දැනට සෞඛ්‍ය සේවාව තුල හෙද හෙදියන් 35,136 ක් සේවයේ නිරතව සිටි. එ අනුව හෙද හෙදියන් 5,000 කට ආසන්න පිරිසකගේ හිඟයක් ඇති බව සෞඛ්‍ය අමාතයංශ්‍යය පවසයි. මේ අතර හෙද විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන හෙද සිසුන් පිරිසක් 9,000 කට ආසන්න වේ.

    හෙද හෙදියන් 1608 බඳවා ගැනීම සහ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී හෙට (31) පැවැත්වේ.

     

    Latest News