වන අලි කොටු කිරිමට දිර්ග විදුලි වැටක්

ජන 30, 2019

    මහවැලි සී කලාපය ඇතුළු ප්‍රදේශ රැසක පවතින වන අලි ගැටළුවට විසඳුම් ලෙසින් මහවැලි සී කලාපය ආවරණය වන පරිදි කිලෝමීටර් 21.5 ක දුර අලිවැටක් ඉදිකෙරේ.

    විදුලි වැට ඉදිකෙරෙන සීමාවන් නීර්ණය සහ  ඉඩම් ගැටළු නිරාකරණය කිරිමේ සාකාච්ඡාවක් ඌව පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රධානත්වයෙන් ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (29) පැවැත් විණ.

    විදුලි වැට උල්හිටිය ඔය ආශ්‍රිතව රත්කිඳ සිට දෙමෝදර දක්වා ඉදිකිරිමට නියමිතයි. එ අනුව උල්හිටිය ඔයේ සිට දෙපසට මීටර් 250 ක සීමාවක් ඉතිරි කළ යුතු බව වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටියි. එම සීමාව මීටර් සියයක් විය යුතු බව ගොවින් එහිදි ඉල්ලා සිටියේය. ගොවීන් එකඟ වන මීටර් සියයේ සීමාව සමඟ අවශ්‍ය තැන්වලින් මහවැලි රක්ෂිතයෙන් ඉතිරි ඉඩ ප්‍රමාණය ලබාදීමට මහවැලි අධිකාරිය පසුව එකඟ විය. ඔය පිටාර ගැලීමේ අවස්ථාවන්හිදී අලිවැට ආරක්ෂා කර ගැනීම, අලිමංකඩට ඉඩතැබීම, ගම්වැදී සිටින වන අලින් පලවා හැරීම වැනි කරුණු සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

    ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, ආණ්ඩුකාරවර ලේකම් ආර්.එම්.ටී.බී.හාතියල්දෙනිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නේවාසිකව්‍යාපාර කළමනාකරු කේ.ඒ.සී.විමල් කුමාර, වනජීවී අඩවි ආරක්ෂකකේ.ඒ.චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ නිලධාරීහු සහ ගොවි සංවිධානනියෝජිතයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 14:05

    Latest News