කින්නියා, කන්දල්කාඩු සිද්ධිය සෙවීමට පරික්ෂණ 02ක්

ජන 30, 2019
  • ති‍්‍රකුණාමලය, කින්නියා, කන්දල්කාඩු ප‍්‍රදේශයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් නාවික හමුදාව විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

    පොලීසිය ද සිද්ධිය සම්බන්ධයෙන් තවත් පරීක්‍ෂණයක් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවසීය.

    නාවික හමුදා නිලධාරීන් සහ ගම්වාසීන් අතර මෙම නොසන්සුන්තාවය ඇති වූයේ ඊයේ පෙරවරුවේ නීතිවිරෝධීව වැලි ගොඩදමමින් සිටි පිරිසක් වැටලීමට ගිය අවස්ථාවේ වු සිද්ධිය මුලික කර ගනිමිනි. එහිදී නාවික හමුදා නිලධාරීන් දැක ගගට පැන පලායාමට උත්සාහ කළ දෙදෙනෙකු අතුරුදන්ව තිබුණි.

    ඒ, සමග අවට සිටි පිරිස් සහ වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වුයේය. මෙහිදි ප්‍රදේශවාසින් විසින් ඉතාමත් ප්‍රකෝපකාරිව හැසිරි නාවික හමුදා සෙබලුන්ට පහරදිම් කර තිබේ. පසුව පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් ප‍්‍රදේශයේ තත්ත්වය පාලනය කෙරුණි. මෙම සිද්ධියෙන් නාවික හමුදා සෙබලුන් 12 ක් තුවාල ලැබු අතර බරපතල තත්වයේ පසු වු 04 ක් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබේ.

    අතුරුදන් වූ එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ සොයාගත් අතර ඔහු 22 හැවිරිදි කින්නියා ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ අනෙක් පුද්ගලයා සොයා නාවික හමුදාව සහ පොලීසිය එක්ව තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කර තිබේ.

    https://www.youtube.com/embed/Jv8Se8o10W4" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media;
    Last modified on බදාදා, 30 ජනවාරි 2019 11:12

    Latest News