කොවිඩ් 19 වෛරසයට එරෙහි හෙළ ඔසු රැසක් හදුන්වා දෙයි

පෙබ 27, 2021

    කොවිඩ් 19 වෛරසයට එරෙහි දේශීය පාරම්පරික, ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත ඖෂධීය ප්‍රතිකාර හදුන්වාදීමේ මාධ්‍ය හමුවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ පිහිටි එම අමාත්‍යංශයේදී සිදුකෙරුණි.

    එහිදී පාරම්පරික හා ආයුර්වේද වෛද්‍යවරුන් වන වෛද්‍ය තරංගා කුමාරි, ආචාර්ය හර්ෂ සුභසිංහ, වෛද්‍ය සමන් කංකානම්ගේ, වෛද්‍ය එල්. ආර්. බී. මාලනී, වෛද්‍ය ආර්. ජී. එස්. සාරංගා, වෛද්‍ය එච්. ඩී. පී. දර්ශනී, වෛද්‍ය කැලුම් ලංකේෂ්වර, අනිල් කාරියවසම් යන වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත ඖෂධ හදුන්වාදීම සිදුකෙරුණි.

    එහිදී අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා...

    අප පසුගිය කාල පරිච්ඡේදය තුළ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කළා. බටහිර බහු ජාතික සමාගම් ඒවගේම බටහිර ඖෂධ මාෆියාව සමග ගැටෙමින් තමයි අපට කටයුතු සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. විවිධ ප්‍රශ්න, ගැටලු, බාධක මධ්‍යයේ තමයි අපට මේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනය වෙනුවෙන් කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එක අතකින් අවුරුදු දහස් ගාණක සාම්ප්‍රදායික දැනුමත් අපට තියෙනවා. ඒ දැනුම ප්‍රත්‍යක්ෂ දැනුමක්. ඒ වගේම දවසින් දවස අලුත් වන දැනුමක්. ඒ සාම්ප්‍රදායික දැනුම රෝග සුව කරන්න සමත් වනවා. එය තහවුරු කරගත් දැනුම් සම්භාරයක්. මේ වසංගත රෝග තත්ත්වය ආරම්භ වූ දවසේ සිට විවිධ ක්ෂේත්‍රවල විවිධ වෛද්‍යවරුන් බෙහෙත් ඖෂධ වර්ග කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙනවා. එම ඇතැම් ඖෂධ විද්‍යාත්මක සායනික පරීක්ෂණ සදහා යොමු නොවුණත් ප්‍රත්‍යක්ෂව අප දන්නවා බොහෝ කොරෝනා රෝගීන් සුව කිරීමට මෙන්ම එම රෝගයෙන් වැළකී සිටීමට ප්‍රතිශක්තිකරණය ලබාදීමට හැකියාව උදාවී ඇති බවට කිසිදු සැකයක් නැහැ..

    Latest News