ජලභීතිකා සුනඛයාට තැබු වෙඩි තවත් අයෙකුට වදී

පෙබ 27, 2021

    ජලභීතිකාව වැළඳුනු සුනඛයෙකුට දකුණු කළුතර පොලීසිය මගින්‌ සිදුකළ වෙඩි තැබීමක්‌ අසල සිටි පුද්ගලයෙකුට ද වැදී රෝහල්ගත කරයි.

    අද උදෑසන 10.30 ට පමණ දකුණ පොලිස්‌ බල ප්‍රදේශයේ වෙට්ටුමකඩ මංසන්ධියේ දී ජලභීතිකාව වළඳුනු සුනඛයෙකු යැයි සැක කෙරෙන සුනඛයෙකුට දකුණු කළුතර පොලිසියේ උප පොලිස් පරීක්ෂකයෙකු වෙඩි තැබීමක්‌ සිදු කොට ඇත. මෙම වෙඩි තැබීම සුනඛයාට මෙන්ම අසළ සිටි හැට හැවිරිදි පුද්ගලයකුට ද වැදීම නිසා එම පුද්ගලයා කළුතර දිස්ත්‍රික්‌ මහ රෝහලට ඇතුළත්‌ කර තිබේ.

    මෙම වෙඩි තැබීමෙන්‌ සුනඛයා එම ස්ථානයේම මිය ගොස්‌ ඇත. මේ සුනඛයා මෙම ප්‍රදේශයේ දහ දෙනකු පමණ මේ වන විට සපා කා ඇති බවට ප්‍රදේශවාසීන්‌ දකුණු කළුතර පොලිසියට කළ පෑමිණිල්ලකට අනුව මෙම සුනඛයා ඇල්ලීමේ මෙහෙයුම දියත්‌ කොට ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.

    මේ පිළිබඳව දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

    Latest News