ලොව පළමු දියමත පාවෙන සංචාරක හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් (වීඩියෝ)

පෙබ 26, 2021
  • ලොව පළමු දියමත පාවෙන සංචාරක හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් වී තිබේ.

    ජර්මනිය, ප්‍රංශය හා ඉතාලි සංචාරකයන් පිරිසක් අද එහි චාරිකාවක නිරත වූහ. වසර ගණනාවක සිට මැටි කපා අත්හැර දමා තිබූ අක්කර 200ක පමණ ප්‍රදේශයක දියමත පාවෙන හෝටලය ඉදිකර තිබේ. වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් පමණවේ. සියලු ඉදිකිරීම් සිදුකර ඇත්තේ පරිසර හිතකාමි හරිත සංකල්පයකට අනුකූලවයි.

    මෙය පිහිටා ඇත්තේ, බෝලගල ප්‍රදේශයේ. පිහිනුම් තටාකයක්, කාමර අවන්හල් ඇතුළු සියලු ඉදිකිරීම් දියමත පාවෙන අයුරින් සකස්කර තිබේ. හෝටලය කාමර 50කින් සමන්විතයි. කාමර වෙත ගමන් ගන්නා මාර්ගය සකස් කර ඇති කොරිඩෝව දෙපස එළවළු හා පළතුරු වගා කෙරේ.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 21:41

    Latest News