අනුර සේනානායක සමුගනී

පෙබ 26, 2021

    හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අද අභාවප්‍රාප්ත විය.

    ඔහු කලක් රෝගාතුරව පසුවිය. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා, විශ්‍රාම වයස් සීමාවට එළඹෙන විට සේවය කළේ, කොළඹ දිසා බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි.

    එවක වසීම් තාජුඩීන් නමැති රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් වන සාක්‍ෂි වසන් කළ බවට එල්ල වූ චෝදනාව මත පැවති ආණ්ඩුව සමයේ ඔහු අත්අඩංගුවට ගැණුනු අතර, මාස ගණනාවක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

    අනුර සේනානායක මහතා ගායන ශිල්පියෙකු ලෙස 80 දශකයේ එළිදැක්වූ ගීත කිහිපයක් තවමත් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රියව පවතී. කුරුළු පොඩිත්තෝ, මාගේ කිරිල්ලී යන ගීත ඉන් ප්‍රධානයි.

    Latest News