"ගම සමඟ පිළිසඳර" හෙට (27) කිවුලේකඩවල දී (වීඩියෝ)

පෙබ 26, 2021
  • "ගම සමඟ පිළිසඳර" වැඩසටහනේ 12 වන අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පැවැත්වේ.

    ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කිවුලේකඩවල විද්‍යාලයේදී. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය අයත් කිවුලේකඩවල ගම්මානය සුන්දර මෙන්ම දුෂ්කර ගම්මානයක්. අලි මිනිස් ගැටුම මෙම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක්. ඒ අතරම ස්ථිර ඉඩමක හිමිකම නොමැතිවීම තවත් ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.

    වී ගොවිතැන සහ ගොඩ ගොවිතැන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායයි. පානීය ජලය නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටී. නිසි මාර්ග පහසුකම් නොමැති වීමද තවත් ගැටලුවක්. එම දීර්ඝ කාලීන ගැටලු හඳුනා ගනිමින් "ගම සමග පිළිසඳර" වැඩසටහන කිවුලේකඩවල ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, හෙට (27) උදෑසන 10ට ගම්මානයට පැමිණෙන ජනාධිපතිතුමාට තමන්ගේ සියළු ගැටලු සෘජුව ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇත.

    ජනාධිපතිවරයෙකු මෙම ගම්මානයට පැමිණෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

    Last modified on සිකුරාදා, 26 පෙබරවාරි 2021 22:00

    Latest News