පාස්කු ප්‍රහාරයේ වාර්තා අධ්‍යයනයට කැබිනට් අනු කමිටුවක් පත්කෙරුණෙ නිසි ක්‍රමවේදයට - අමාත්‍ය කෙහෙළිය (වීඩියෝ)

පෙබ 21, 2021
  • ඕනෑම ගැටලුවක් සාකච්ඡා සම්මුති මාර්ගයෙන් විසඳීම වත්මන් රජයේ පිළිවෙත බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    පාස්කු ප්‍රහාරය සම්බන්දව ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කර නිර්දේශි ඉදිරිපත් කිරීමට කැබිනට් අනු කමිටුවක් පත්කෙරුණෙ එය නිසි ක්‍රමවේදයට බවද ආමාත්‍යවරයා කියා සිටිනවා.

    රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ කුණ්ඩසාලේ ගල්මඩුව කලාපුරයේ කලාකරුවන්ගේ නිශ්පාදන අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. 1964 සිට මෙම ගම්මානයේ පදිංචි නිර්මාණකරුවන් පිත්තල ලාක්ෂා, රන් හා බතික් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනවා. නව අලෙවිසල නම් කරනු ලැබ ඇත්තේ විශ්ව කලා ප්‍රදර්ශනාගාරය යනුවෙන්. කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙම වැඩපිළිවෙල සම්බන්ධීරකරණය කළා.

     

     

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 22:16

    Latest News