ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද රිමාන්ඩ්

ඔක් 24, 2018

    කොළඹ ප්‍රදේශයේ කප්පම් ලබාගැනීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු වූ ලුතිතන් කමාන්ඩර් සම්පත් දයානන්ද මහතා හෙට දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණ.

    ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේ.සී.ඒ. සමරදිවාකර මහතා කළ නියෝගයකට අනුවයි.

    පැහැරගැනීම, අනර්ථයක් සිදුකිරීම, මංකොල්ලයක් කෑම, පුද්ගලයින් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ සැකකරු ඇතුළු 05 දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ලක් ගොනුකර තිබේ.

    2009 ජනවාරි 11 වැනිදා කොටහේන හා වැල්ලම්පිටිය අතරතුර අතුරුදන්වූ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අයත් වෑන් රථය පැහැරගෙන ගොස් ඔවුන් සතුව තිබූ රන් ආභරණ හා මුදල් පැහැර ගැනීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙනුයි, ඔවුන් අත්අඩංගුවට ගැනුණේ. පැහැරගත් වාහනයේ කොටස් වැලිසර නාවික හමුදා භූමියේ තිබියදී සොයා ගෙන ඇතැයි, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

     

     

     

     

    Latest News