බෙලිඅත්තට සහ මීගහජදුරට වී ගබඩා දෙකක්

ඔක් 24, 2018

     

    වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාව වැඩි කිරීමට රජය පියවර ගෙන තිබේ.

    බෙලිඅත්ත සහ මීගහජදුර යන ප්‍රදේශවල මෙට්‍රික් ටොන් 2000ක ධාරිතාවකින් යුත් නව ගබඩා දෙකක් ඉදිකර ඇත.

    පැරණි ගබඩා 39ක් අලුත්වැඩියා කිරීමට ද නියමිතයි.

    ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය ව්‍යාපෘතිය සඳහා උපදේශකත්වය සපයයි.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.

     

    Last modified on බදාදා, 24 ඔක්තෝබර් 2018 19:49

    Latest News