මෙරට වැඩිම කොරෝනා මරණ වාර්තාවීම ඊයේ

පෙබ 18, 2021

    අද (18) දින උදෑසන වනවිට මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් ඇත.

    ඔවුන් වෑඋඩ, කළුතර උතුර, මග්ගොන, බෝම්බුවල, කළුතර, නෑබොඩ, නුවරඑළිය, ආගරපතන, ගම්පොල, පෑලියගොඩ, පානදුර සහ නුගේගොඩ යන ප්‍රදේශයින්හී පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 92ක් තුළ පුද්ගලයින් 9,089 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (17) දිනය තුල PCR පරීක්ෂණ 13,585 ක් සිදුකර ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 පෙබරවාරි 2021 08:56

    Latest News