එක්සත් රාජධානිය සඳහා පනවා තිබූ සංචාරක සීමා ඉවත් කෙරේ - විදේශ අමාත්‍යාංශය

පෙබ 17, 2021

    එක්සත් රාජධානියේ නව කොවිඩ් - 19 ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාව දක්වා වූ සංචාර සඳහා රජය විසින් හඳුන්වා දී ඇති තාවකාලික ගමන් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇත.

    දින 14 නිරෝධායන හා පීසීආර් පරීක්ෂණ වලට යටත්ව එක්සත් රාජධානියේ සිට ගමන් කිරීම සඳහා ඇති සීමාවන් ලිහිල් කිරීමට තීරණය විය.

    ඒ් අනුව, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ යටතේ එක්සත් රාජධානියේ සිට පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීම ද නැවත ආරම්භ වේ.

    Latest News