ඊයේ ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිතයින් 796 ක්

පෙබ 14, 2021

    ඊයේ (13) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 796 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 280 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 91 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 297 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වේ.

    ඒ අනුව අද (14) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 74,851 ක් වන අතර ඉන් පුද්ගලයින් 67,830 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. එමෙන්ම මේ වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,631 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 847 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (14) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93 ක් තුළ පුද්ගලයින් 9,074 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (13) දිනය තුල PCR පරික්‍ෂණ 16,387 ක් සිදුකර ඇත.

    Latest News