ගම්පහ නගරයේ වෙළෙඳසැල් කිහිපයක් වසා දැමේ

පෙබ 10, 2021

    ගම්පහ නගරයේ වෙළෙඳසැල් පිහිටි ප්‍රදේශයේ කොටසක් වසා තැබීමට පියවර ගෙන තිබේ.

    පසුගිය දින කිහිපය තුළ වෙළෙඳසැල් ආශ්‍රිතව වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග එම තීරණය ගත් බවයි, ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා සඳහන් කළේ.

    පසුගිය දින හතර තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 280කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති අතර එයින් 58 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.

    මුළු නගරයේම ව්‍යාපාරිකයින් 1000කගේ පීසීආර් තැන් 5කදී සිදුකිරීමට තීරණය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News