අඹුසැමි යුවළක් කළු පාලම ඇතුළේ (ඡායාරූප

පෙබ 07, 2021

    දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් බරපතල තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

    දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල කළු පමල් පාලම ‍ ප්‍රදේශයේදී ඊයේ (06) පස්වරුවේ ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලම මතින් ඇළට පෙරළී යාම හේතුවෙන් මෙසේ අඹුසැමි යුවළ බරපතල තුවාල ලබා තිබේ.

    Accident_02.jpg

    මෙම අඹුසැමි යුවළ ගලේවෙල කුඩාවැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් ඔවුන් පෞද්ගලික කටයුත්තක් සඳහා දඹුල්ල නගරයට ගොස් නැවත ගලේවෙල දෙසට ධාවනය කරද්දී තවත් වාහනයක් ඉස්සර කිරීමට ගොස් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

    Accident_03.jpg

    මීට දින කිහිපයකට ඉහත දී සිමෙන්ති පැටවූ ලොරි රතයක් මෙම පාලමේ බැම්ම ඇළට පෙරළී යාම හේතුවෙන් මෙහි පාලමේ ආරක්ෂිත බැම්ම කැඩී ගොස් තිබිණි. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තාවකාලිකව නැවත වරක් මෙම ආරක්ෂිත පැති බැම්ම ඉදිකරන තුරු ඉදිරිය පෙනෙන ආකාරයෙන් අනතුර පෙන්වා දී තිබිණි.

    Accident_01.jpg

    අනතුරට පත් ත්‍රීරෝද රථයට දැඩි ලෙස අලාභහානි සිදුවී ඇති අතර තුවාල ලැබූ අඹුසැමි යුවළගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටී. අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on ඉරිදා, 07 පෙබරවාරි 2021 08:25

    Latest News