කොවිඩ්‌ - 19 ආසාදියින්‌ 726 දෙනෙකු ඊයේ(06) ශ්‍රී ලංකාවෙන්‌ හඳුනාගනී

පෙබ 07, 2021

    ඊයේ(06) ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 726 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්‌ගලයින්‌ සියලුදෙනා දේශීයව හඳුනාගත්‌ පුද්ගලයින්‌ ලෙස වාර්ථා වේ.

    හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ බදුල්ල දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 197 ක්‌ ලෙසයි. ඊට අමතරව, කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 116 ක්‌ සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 101 ක්‌ ලෙස වාර්ථා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 312 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඒ අනුව අද (07) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින්‌ සංඛ්‍යාව 68,575 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 62,593 ක්‌ පූර්ණ සුවය ලබා රොහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. එමෙන්ම, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින්‌ 5,631 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තූළ රොහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළින්‌ පුද්ගලයින්‌ 1,133 ක්‌ පූර්ණ සුවය ලබා පිටව ගොස්‌ ඇත.

    Latest News