ලොතරැයි මණ්ඩලයේ අලෙවිජාලයට එන්නත ලබාදීමට ඉල්ලීමක්

පෙබ 04, 2021

    කොව්ඩ් 19 ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ දී ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවිජාලයේ බෙදාහරින්නන්, අලෙවි නියෝජිතයින් සහ අලෙවි සහයකයින් සදහා ද ප්‍රමුඛතාවය ලබා දෙන මෙන් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.

    එම මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලිපියක් යොමු කරමින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා මෙම ඉල්ලීම කර තිබේ. කොරෝනා වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා මේ වන විට එන්නත් ලබා දෙන ලද පුද්ගලයන්ගේ සංඛ්‍යාව,ගෝලීය කොවිඩ් 19 රෝගීන්ගේ ගණන ඉක්මවා ගොස් තිබේ.

    වෛරසය ආසාදිත සංඛ්‍යාවට වඩා වැඩි පිරිසකට එන්නත ලබාදීම වසංගතය මැඩපැවැත්වීමේ සන්ධිස්ථානයක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.

    එන්නත්කරණය වේගවත් රටවල් අතර ඊශ්‍රායලය,එක්සත් අරාබි එමීර් රාජ්‍යය,බ්‍රිතාන්‍යය අමෙරිකාව වැනි රටවල් පෙරමුණ ගෙන සිටියි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දත්ත අනූව ඉකුත් බදාදා වන විට ලොව පුරා එන්නත් මාත්‍රා මිලියන 104.9ක් ලබා දී තිබේ. එහෙත් බහුතරයකට ලැබී ඇත්තේ අවශ්‍ය එන්නත් මාත්‍රා දෙකෙන් එක් මාත්‍රාවක් පමණක් බව වාර්තා වෙයි.

    බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 75ට වැඩි පුද්ගලයන් 90%ක් ද ඇතුළුව මිලියන 10කට වැඩි පිරිසකට එන්නත් ලබාදීම සාර්ථකව සිදුකර තිබේ.

    Latest News