අධිකරණ අමාත්‍යතුමා මාතලේ නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම පිළිබදව සාකච්ඡාවක

පෙබ 03, 2021

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා අද (03) පෙරවරුවේ මාතලේ නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීම පිළිබදව වු සාකච්ඡාවක නිරත විය.

    එහිදී මහාධිකරණ විනිසසුරුතුමන් ප්‍රමුඛ විනිසුරුවරුන් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවකට එක් විය.

    පසුව මාතලේ අධිකරණයේ විනිසුරුවරුන් නීතිඥ සංගමය හා පළාතේ දේශපාලන අධිකාරිය හා සාකච්ඡාවකට එක්වූ අමාත්‍යතුමා මාතලේ අධිකරණය ඉදි කිරීම සම්බන්ධයෙන් සහ නීතිඥවරුන් සඳහා වන කාර්යාල ගොඩනැගිල්ල ඉදිවිය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කළ අතර, එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා සඳහන් කළේ වර්තමානයට ගැලපෙන අයුරින් නීති සම්පාදනය විය යුතු බවත් එම කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. අධිකරණයේ ධාරීතාවය වැඩි කර නීති පද්ධතිය යාවත් කාලීන කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවත් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට මෙන්ම නව අධිකරණ සංකීර්ණ ඉදි කිරීමට හා අධිකරණ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරමින් සිටින බවත් අධිකරණ අමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක කෝට්ටේගොඩ, රෝහණ දිසානායක, ජනාධිපති නීතිඥ යූ.ආර් ද සිල්වා, ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මාතලේ නීතිඥ සංගමයේ සභාපති සූරිය බණ්ඩාර ගුණසේකර, එහි ලේකම් ප්‍රසන්න සාලිය ධර්මකීර්ති, යන මහත්වරුන් ද සහභාගී විය.

    Latest News