අධිකරණ අමාත්‍යංශයේ ජංගම සේවයක් අද ත්‍රිකුණාමලේ

මැයි 26, 2023

    අධිකරණ අමාත්‍යාංශය සංවිධාන කරන ජංගම සේවයක් අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

    දිස්ත්‍රික්කයේ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයෙන් විසදා ගැනීමට ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීම මෙහි අරමුණයි.

    අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ අතුරුදන් වූ තැනැත්තන්ගේ කාර්යාලයේ කොමසාරිස් සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්ලිව් බී ගනේගල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ කෙරුණා. 500 කට අධික පිරිසක් තම ගැටලු විසඳා ගැනීමට මේ වන විට පැමිණ සිටිනවා. අතුරුදන් වූවන්ගේ සහ යුද සම‍යේ පීඩාවට පත් ජනතාවගේ අහිමි වූ දේපළ පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, ඊට පිළියම් ලබාදීමට ද නියමිතයි.

    Latest News