කොරෝනා ආසාදිතව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ වෛද්‍ය ගයාන් දන්තනාරායන මියයයි

පෙබ 02, 2021

    නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.

    කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබේ.

    එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.

    කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

    Last modified on අඟහරුවාදා, 02 පෙබරවාරි 2021 11:21

    Latest News