මෙරට 60000කට අධික සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් ලබා දී අවසන්..

පෙබ 02, 2021

    ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එනන්ත් ලබා දුන් කිසිදු පුද්ගලයෙකුට සැලකිය යුතු ආසාත්මිකතා ඇති නොවූ බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන අමාත්‍යාංශය පවසයි.

    රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ, කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මෙරට ජනගහනයෙන් 65%කට එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

    මේ වනවිට සෞඛ්‍ය සේවකයින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා පොලිස් නිලධාරීන් 60,000කට අධික සංඛ්‍යාවකට එන්නත් ලබා දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයි ප්‍රකාශ කළේ.

    මේ වනවිට රාජ්‍ය සේවයේ පුහුණුව සඳහා බඳවා ගෙන ඇති උපාධිධාරීන් සංඛ්‍යාව 50,000 කි.

    Latest News