දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ්

පෙබ 02, 2021

    තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02) තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටින බව වාර්තා වෙයි.

    ඔහු වැඩිදුර ප්‍රථිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල සදහා අද (02) උදැසන පිටත්ව යන බවද වාර්ත වෙයි.

    තම පුද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දී තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ.

    මීට පෙර ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණවලදි තහවුරු වී තිබිණ.

    Latest News