ලෝක තෙත්බිම් දිනය අද

පෙබ 02, 2021

    “ලෝක තෙත්බිම් “ දිනය අදට (02) යෙදී තිබේ. මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “තෙත්බිම් සහ ජලය“ යන්න යොදාගෙන තිබේ.

    1971 ඉරානයේ රැම්සාහිදී තෙත් බිම් සම්මුතියට එළඹි අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මුල් වරට එය සමරනු ලැබුවේ 1977 වසරේ පෙබරවාරි 2 වැනි දිනයි. අද වන විට රටවල් 171ක් රැම්සා තෙත් බිම් සම්මුතියට අත්සන් තබා තිබේ.

    ගංගා,වැව්,කුඹුරු,ජල මාර්ග,ජලාශ,කලපු,ගං මෝය,කඩොලාන පරිසර පද්ධති,වගුරු බිම් ආදිය තෙත් බිම් ලෙස සැලකිය හැකියි. ඒවායින් මිහිමත සියලු ජීවීන්ට ඉටු කෙරෙන මෙහෙය අති මහත්.

    එහෙත්, අනවසරයෙන් ඉඩම් ගොඩ කිරීම්, ඉදිකිරීම් ද්‍රව්‍ය, සුන්බුන්,ඝන අපද්‍රව්‍ය,ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු අපද්‍රව්‍ය බැහැර කිරීම මෙන්ම, ගිනි තැබීම් හේතුවෙන් තෙත් බිම්වල පැවැත්මට තර්ජන එල්ල වෙයි. තෙත් බිම් අධි පරිභෝජනය ද ඊටා හානිකර බවට හඳුනාගෙන තිබේ. 

    බුන්දල,කුමන,විල්පත්තු ආදී ජාතික වනෝද්‍යාන ඇතුළු රැම්සා සංරක්ෂණ තෙත් බ්ම් රැසක් ශ්‍රී ලංකාවේ දැකිය හැකියි. තවත් තෙත් බිම් පද්ධති රැසක් ප්‍රකාශයට පත්කර ඇත්තේ, ජාතික පාරිසරික පනත යටතේ.

    නිසි අධ්‍යයනයකින් අනතුරුව, තවත් තෙත් බිම් ගණනාවක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත්කරන බවයි, මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ.

    Latest News