අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

පෙබ 01, 2021

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක් තද වැසි ඇති වේ.

    එමෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් පැ.කි.මී 50 පමණ තද වැසි ඇති වේ.

    බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News